චම්පිකගේ රියැදුරාගෙන් රහස් ප‍්‍රකාශයක්..!

0
307
- Advertisement -
Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු, දිලූම් තුසිත කුමාර යන අය, තමන්ට මහේස්ත‍්‍රාත්වරිය ඉදිරියේ රහස් ප‍්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව ඔහුගේ නීතීඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

2016 වසරේ සිදු වූ එම අනතුර සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් ආරම්භ වී ඇති අතර, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙන්ම ඔහුගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර යන අයද පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
දැනට ඔවුන් දෙදෙනාම ඇප මත නිදහස්ව සිටින අතර, නඩුව යළි පෙබරවාරි මාසයේ 24 වෙනිදා කැදවීමට නියමිත ය.

මෙම අනතුරෙන් සන්දීප් සම්පත් නමැති තරුණයා බරපතල තුවාල ලබා ආබාධිත තත්ත්වයෙ පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + eight =