ඉන්දියාව, මුල් වරට 2008 වසරේ දී රොකට්ටුවක් සඳ වෙත යැවූ අතර,
අදාල යානාව, චන්ද්රයානා 01 ලෙස නම් කර තිබුණි.
කෙසේ වෙතත්, චන්ද්‍රයාන් 01 – සඳ මතට ගොඩ බෑවේ නැත.
ඒ වෙනුවට සඳ වටා ගමන් කරමින්, සඳ මතුපිට පරීක්ෂාවට ලක් කළ චන්ද්‍රයාන් 01 යානාව, ඉතාම වැදගත් තොරතුරු රැුසක් පෘතිවියට එවුවා ය.
අද දියත් කළ චන්ද්‍රයාන් 02 යානාව, සඳ මත ගොඩ බැස්සවීම සඳහා පිටත් කර හරින ලද යානාවකි.
අද සඳ වෙත පිටත් කර හරින ලද චන්ද්‍රයාන් 2 යානාව, සැප්තැම්බර් මාසයේ 6 හෝ 07 යන දින වල දී සඳ මතට ගොඩ බසිනු ඇතැයි ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය විශ්වාස කරයි.