ගෝඨා හා එකතුවීමට එරෙහිව චන්ද්‍රිකාගෙන් දයාසිරිට ලිපියක්..

0
754
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය,ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි,චන්දිකා කුමාරතුංග මැතිණිය සිය විරෝධය පළ කර තිබෙන බව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යොමු කරමින් ඈ සිය විරෝධය පළ කර ඇති බවයි පැවසෙන්නේ.

අදාල ලිපියේ ඉංග‍්‍රීසි පිටපතේ සිංහල පරිවර්තනයක් ද ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය පළ කර තිබුණි. මෙම උපුටා ගැනීම,ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙනි.

හිතවත් දයාසිරි,

අපගේ සංවිධායකයින්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් තමන් ‌පොහොට්ටුව සමග ‌එක්වීමකට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති විට, ඔබ ගෝටාට සහාය දීමට තීරණය කරන්නේ කෙසේද? මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලුමනින්ම පාවාදීමකි.

පක්ෂයේ සභාපති ධූරය අතහැර දැමීමට තමා කැමති බව මෛත්‍රි පවසා තිබේ නම්, සභාපති ධූරය භාර ගැනීමට සහ පක්ෂය නැවත ගොඩනැංවීම සඳහා අපි ඔබට සහාය දෙන්නෙමු.

අපේ පක්ෂය දුර්වල වූයේ අප එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයට සම්බන්ධ වූ නිසා නොවේ. අපේ නායකයාට සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසාත්, රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ වලට රැවටීමත්, යහපත විනාශ කර පක්ෂය අවුල් කිරීමත් ඊට හේතු විය.

මෛත්‍රිට ආණ්ඩුවේ බලය පාවිච්චි කිරීමේ දක්ෂතාවයක් තිබුනේ නම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ දී රාජපක්ෂලාගේ මිනීමැරුම් සහ මංකොල්ලකෑම්වලට එරෙහිව පියවර ගත්තේ නම්, රට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ඉතා ශක්තිමත් වනු ඇත.

එබැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත්ම ආදරය කරන හා දන්නා පුද්ගලයා ලෙස මම ඔබට ආයාචනා කරමි. ඔබේ පෞද්ගලික අවශ්‍යතාවයට පමණක් සීමා නොවී අපගේ වටිනා පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන්න.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =