ගෝඨා හදිසියේම රට යන්න අවසර ඉල්ලයි.

0
587
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥමහතුන් විසින්, අද දිනයේ දී, දැනට ස්ථිර ත‍්‍රීපුදගල මහාධිකරණය භාරයේ තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත‍්‍රය යළි ලබා ගැනීම සදහා ඉල්ලූම් කර ඇති බව කොලොම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා සහ 13 වෙනිදා අතර කාලයේ අත්‍යවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව බලා යා යුතු බැවින්, අදාල විදෙස් ගමන් බලපත‍්‍රය ඉල්ලා සිටින බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් අධිකරණයට පවසා ඇත්තේ.

අදාල ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධයක් නොදක්වා ඇති නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය පිළිබද නඩුව දෙවනදා සහ තුන්වන දා විභාගයට ගන්නා බැවින්, එතෙක් විදෙස් ගමන්බලපත‍්‍රය අධිකරණය භාරයේ තබා ගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =