ගෝඨා ශවේන්ද්‍රව “යූස්” කරයි.

0
758
- Advertisement -

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ රුව සහ අදහස්,
සිය දේශපාලන ප‍්‍රචාරණය සදහා යොදා ගැනීම සම්බන්ධයෙන්,
ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව, මැතිවරණ කොමිසම හමුවේ පැමිණිලි කිරීමට තිස්ස අත්තනායක මහතා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

සේවයේ නියුතු යුධ හමුදාපතිවරයාගේ අදහස් දේශපාලන ප‍්‍රචාරණය සදහා යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත්, අදාල සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා ඇති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත්තේ, තමන් මීට කලෙකට ඉහත දැක්වූ අදහසක්, ගෝඨාභය පාර්ශ්වය මෙසේ යළි උපුටා දක්වා ඇති බවයි.