ගෝඨා – මෛත‍්‍රී සීතල යුද්ධයක.

0
700
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට
මහින්ද රාජපක්ෂ මහතා කැමති වී ඇති බව වාර්තා වේ.
මාර්තු 13 නෙළුම් මාවතේ පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී බැසිල් රාජපක්ෂ මහතාද කියා තිබුණේ, මීළඟ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ වරයෙකු බවයි.
කුමාර වෙල්ගම සහ වාසුදේව නානායක්කාර වැන කීප දෙනෙකු මීට පෙර ගෝඨාභයට එරෙහිව සිටියත්, මේ වන විට ඔවුන්ගේ එකඟතාවයද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත ගෝඨාභයට ලබා ගැනීම සදහා විමල් වීරවංශ මහතා සාකච්ඡුා කරමින් සිටින බවද වාර්තා වේ. කෙසේ වෙතත්, පොහොට්ටුවේ සහාය නොලැබුණහොත්, වෙනම තරග කිරීමේ සූදානමක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදහස් කරමින් සිටින බව පැවසේ.