ගෝඨා පුරවැසිකම ඉල්ලලා නෑ.ඇමති වජිර අධිකරණයට කියයි.

0
884
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ 2005 දී ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත‍්‍රයක් නොමැති බව අභියාධිකරණයට දන්වන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා ඊයේ දිනයේ දී අභියාචනාධිකරණයේ දී ප‍්‍රකාශ කර තිබේ.

නීතීඥ චානක ද සිල්වා මේ බැව් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රය, ජාතික හැදුනුම්පත හා ද්විත්ව පුරවැසිභාවය සනාථ කරන බලපත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාටි රිට් ආඥාවක් නිකුක් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී ය.

විධායක ජනාධිපති රජයේ සහ අමාත්‍ය මණ්ඩලයේ නායකයා වුවත් රටේ පාලන බලය මෙහෙයවන්නේ අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය වන බැවින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි සහතිකයට අත්සන් කිරීම නීති විරෝධී යැයිද ඇමතිවරයා වෙනුවෙන් නීතීඥ චානක ද සිල්වා වැඩිදුරටත් පවසා ඇත.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කියා ඇත්තේ විධායක ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ ඡුන්දය හා විධායක බලය ඇති බැවින් ඔහු වෙනත් ඇමතිවරයෙකුගේ බලය පාවිච්චි කර නැති බවය.

ගෝඨාභය රාජපක්ෂ 2005 දී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාල ලේඛන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැතිවීම ගැන තොරතුරු හැකි ඉක්මනින් දිවුරුම් ප‍්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මෙහිදී අභියාචනාධිකරණය නීතිපතිවරයාට විශේෂ නියෝගයක් කර තිබේ. එහිදී එම ලේඛන අස්ථානගතවීම හෝ අතුරුදන් වීම සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ කුමන නිලධාරියාද යන්නත් දිවුරුම් ප‍්‍රකාශයට ඇතුළත් කරන ලෙස අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් ආකාරය සහ විදෙස් ගමන් බලපත‍්‍ර, ජාතික හැදුනුම්පත් ලබා ගත් ආකරය පිළිබද කරන විමර්ෂණයේ වාර්තා 3 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, 2005 නොවැම්බර් 19 වෙනි දා,මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් දිනයේම, ඇමරිකානු පුරවැසියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා අයදුම්කර තිබේ. කැබිනට් මණ්ඩලය පත් කිරීමටත් පෙර, නොවැම්බර් 21 වෙනිදා ද්විත්ව පුරවැසිභාවය පිරිනමන සහතිකය ඔහුට ලැබෙන අතර, එහි ලේකම් වෙනුවට යනුවෙන් අත්සනක් ද, ආගමන විගමන භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂද අත්සන් කර තිබේ.

ඒ වන විට නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති අතර, පුරවැසි පනත අනුව ද්විත්ව පුරවැසිභාවය ලබා දිය හැක්කේ විෂයභාර අමාත්‍යවරයාට පමණි. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී ඇත්තේ නොවැම්බර් 24 වෙනි දා ය.

රාවය පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + twenty =