ගෝඨා නම් කිරීම අතිශයින් ම භයානකයි..!

0
631
- Advertisement -
Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා වීම භයානක තත්ත්වයක් බව, හිටපු ජනාධිපති, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය පවසයි.

තමන් එසේ පවසන්නේ, මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කළ වසර නමයක කාලය තුළ, ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කී දෑ සිහිපත් කිරීමෙන් බවද චන්ද්‍රිකා මැතිණිය පැවසූවා ය.

ඒ අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනග්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව වන චන්ද්‍රිකා මැතිණියගේ සහායත් තමන්ට ලැබෙන බවට පසුගිය දිනෙක බැසිල් රාජපක්ෂ මහතා කළ ප‍්‍රකාශයද චන්ද්‍රිකා මැතිණිය ප‍්‍රතික්ෂේප කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 2 =