ගෝඨා කල්ලිය වෙල්ගම හඹා යයි.

0
953
- Advertisement -
Share

කුමාර වෙල්ගම මහතා, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ති‍්‍රක් සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබේ. වෙල්ගම මහතා දිස්ති‍්‍රක් සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව, ඊයේ රැුස් වූ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව සම්මත කර තිබේ. වෙල්ගම දැරූ දිස්ත‍්‍රික් සංවිධායක ධූරය සඳහා තේනුක විදානගමගේ මහතාට ලබා දී තිබේ. දිස්ත‍්‍රික් සංවිධායක ධූරයෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති වෙල්ගම මහතා පවසන්නේ, අදාල දිස්ත‍්‍රික් සංවිධායක ධූරය විධිමත් ලෙස තමන්ට භාර දී තිබූ තනතුරක් නොවන බව යි. තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු මිස ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයෙකු නොවන බව වෙල්ගම මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − eight =