ගෝඨා ආවොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කම්මුතුයි!

0
601
- Advertisement -
Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ටර්මිනේටර් වරයෙක් බව බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ය.

ටර්මිනේටර් යන ඉංග‍්‍රීසි වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ ”විනාශ කරන්නා, අවසන් කරන්නා හෝ කම්මුතු කරන්නා” යන සිංහල තේරුමයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ටර්මිනේටර් කතාවට ප‍්‍රතිචාර දක්වමින් ඊයේ අරලිය මන්දිරයේ පැවති උත්සවයකදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූවේ, ලංකාවට අවශ්‍ය වන්නේ කම්මුතු කරන්නෙකු නොව, ලංකාව ආරක්ෂා කරන්නෙකු බවයි.

“පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබෙනවා. එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි. සංවර්ධනය කම්මුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය කම්මුතුයි. නගර දියුණුව කම්මුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්මුතුයි. එහෙම නම් රට බාරදෙන්නේ මෙවැනි කම්මුතු කරන්නෙක්ට ද කියා මා ජනතාවගෙන් විමසා සිටිනවා

අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි. මට මාධ්‍යයෙන් බණින ආකාරයට කම්මුතුකාරයෙකුට බැනිය හැකිද? එහෙම වුනොත් ඔබට අද ලබාදී තිබෙන නිදහස කුමක් වේද? ඔබේ ජීවිතය හා මේ රටේ අනාගතය ඔබ කම්මුතු කරනවාද?

කම්මුතුකරුවෙකුට රට භාර දෙන්නේ නැතුව රටත් ඔබේ අනාගතයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =