ගෝඨා අදටත් ඇමරිකානුවෙක්..!

0
639
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානුවෙක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම ස`දහා වූ අයදුම්පත ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කර ඇති බව සැබෑ නමුත්, එම ඉල්ලීම පිළිගත් බව ඇමරිකාව විසින් මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශ කර නැති බවද අමාත්‍යවරයා පවසයි.

ඊයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ලෝක ඉතිහාසයේ කිසිම අවස්ථාවක, වෙනත් රටක ජනාධිපතිවරණයක් සදහා ඇමරිකානු ජාතිකයෙකු ඉදිරිපත් වී නැත.

එම නිසා, ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ ජනාධිපති වරණ සටනට ඉදිරිපත් ව සිටීම සම්බන්ධයෙන් වැඩියෙන්ම සතුටු වන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා සී.අයි.ඒ සංවිධානය බවයි, අමාත්‍යවරයාගේ අදහස.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 1 =