ගෝඨාභය එපා…! වෙල්ගම ආයෙ ආයෙත් කියයි…!

0
953
- Advertisement -

ජනාධිපති අපේක්ෂකයා කවුරුද කියා තවමත් නිල වශයෙන් ප‍්‍රකාශ කර නැති බවත්, ඊළඟ ජනාධිපති වරණ අපේක්ෂකයා පිළිබදව තීරණය කිරීමේ දී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සහ ආණ්ඩුව විවේචනය කරන්නන්ගෙන් පළි ගන්නේ නැති අයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි. මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය වේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය. මීට පෙරද ඒ මහතා ප‍්‍රකාශ කර තිබුණේ, මී ළ`ග ජනාධිපති අපේක්ෂකයා ජාතික ඇදුම අදින අයෙකු වන බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ඇදුම අදින අයෙකු නොවේ. ඔහු අදින්නේ යුරෝපීය ඇදුමයි.