ගෝඨාභයට අදත් ත‍්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය මඟ හැරේ….!

0
557
- Advertisement -


ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රාජ්‍ය දේපළ අයතා ලෙස පරිහණය කරන ලද බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී, තම සේවාදායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දිනයේ අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් අධිකරණය හමුවේ පවසා සිටියා. මේ වන විට සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා ජූනි මස දෙවනදා ලංකාවට පැමිණීමට නියමිතව සිටියත්, මේ වන තෙක් ඔහු ලංකාවට පැමිණ නැත. ඊට හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම බව ඒ මහතාගේ නීතීඥයන් අධිකරණයට දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =