ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙරට පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම හෙට පස්වරු 1.30 දක්වා කල් දමා තිබෙනවා.
අදාළ පෙත්සම පිළිබඳ පැමිණිලිකාර පාර්ශවයේ නීතීඥයින් අද දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.