ගෝඨාට ශ‍්‍රීලනිප සහාය නෑ.

0
758
- Advertisement -
Share

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවට පැතිර යන කතාවල සත්‍යතාවයක් නැතැයි, එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම්, මහින්ද අමරවීර මහතා පවසයි.

ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡුා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර, එම සාකච්ඡුාවන්ගෙන් පසුව, ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වනවාද යන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරන බවද ඒ මහතා පවසා සිටියේය.

කෙසේ වෙතත්, එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අදහස බවද ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + five =