ගෝඨාට කඩේ යන්න බෑ කියූ මාධ්‍ය වේදියාට තර්ජන..!

0
3224
- Advertisement -

පොදු ජන එක්සත් පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට සහයෝගය දැක්වීම ප‍්‍රතික්ෂේප කළ මාධ්‍ය වේදියෙකු හට අදාල මාධ්‍ය වේදියා සේවය කළ මාධ්‍ය ආයතනයේ හිමිකරුවන් විසින් පහර දීමට උත්සාහ කළ බවට වූ පුවතක් වාර්තා වේ.

සිදුවීමට මුහුණ දුන් මාධ්‍යවේදියා වන්නේ කේ.එම්. රසූල් නැමැත්තා ය. ඔහු, කැපිටල් එෆ්.එම් නමින් යුතු මාධ්‍ය ආයතනයේ සේවය කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂපාත අදාල ප‍්‍රවෘත්තිය විකාශය කිරීම ඔහු ප‍්‍රතික්ෂේප කර ඇත්තේ, එම ප‍්‍රවෘත්තිය, සත්‍යතාවය තහවුරු නොකරන ලද ව්‍යාජ ප‍්‍රවෘත්තියක් බැවිනි.

කෙසේ වෙතත්, තමන් ලක් වූ හිරිහැරය සම්බන්ධයෙන් අදාල මාධ්‍යවේදියා කිරුළපන පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.