ගෝඨාටත් පොහොට්ටුවම ඕනෙලූ..!

0
806
- Advertisement -

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණ එක්ව ගොඩ නගන නව සන්ධානය සඳහා පොහොට්ටුව නොවන වෙනත් ඕනෑම ලකුණක් යෝජනා කරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉල්ලා සිටියද, කිසිදු හේතුවක් මත පොහොට්ටුව ලකුණ වෙනස් කිරීමට ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණ සූදානම් නැති බව පොහොට්ටු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු, අවස්ථා ගණනාවකදී ප‍්‍රකාශ කර තිබුණි.

ඔවුන්ගේ එම අදහස්වලට ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා තිබුණේ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ වැනි ප‍්‍රබලයන්, පොහොට්ටුව සලකුණ වෙනස් කර ගැනීමට අකමැති බව මෙතෙක් ප‍්‍රකාශ කර නැති නිසා, පක්ෂ දෙක අතර සන්ධානය ගැන තවමත් තමන් බලාපොරොත්තු තබා සිටින බවයි.

කෙසේවෙතත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ද පොහොට්ටුව නොවන වෙනත් ලකුණක් තෝරා ගැනීමට තමන් අකමැති බව ප‍්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ. වෙනත් ලකුණක් පිළිබඳව සලකා බැලීමට යම් කිසි හෝ එකඟතාවයක් පළ කොට ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව ද වාර්තා වේ.

පක්ෂ ලකුණ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම දැඩි ස්ථාවරයක සිටි නිසා, අවසානයේ දී මෙය ආත්මාභිමානය පිළිබඳ ගැටළුවක් වී, පොහොට්ටුව සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානය ගොඩ නොනැගෙන තැනට වැඩ සැලසීමට බොහෝ දුරට ඉඩ තිබේ.