ගෝඨාගේ ලිපිගොනුව අතුරුදහන්…!

0
661
- Advertisement -

පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවේ, ඊයේ දිනයේ දී හෙළිදරව් වූ කරුණු ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ.

එම වාර්තාව මෙසේ උපුටා දක්වමු.

(ලංකා ඊ නිව්ස් -2019.ඔක්.02, ප.ව.5.45) ‌පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පුරවැසියෙක්ද? ‌හොරවැසියෙක්ද? යි විභාග ‌කෙරෙන අභියාචනාධිකරණ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.බී.එස් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ වෙනු⁣වෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ 2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාල ගත කළ බවත් එහිදී 2007 ට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට තමාට දැනගන්නට ලැබුණු බවත් , ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකරන බවයි

ඊට පිළිතුරු කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ එම චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බවත් , ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපි ගොනුවක් විනාශ කර නොමැති නමුත් ‌ගෝඨාබය සම්බන්ධ කිසිදු ලිපි ‌ගොනුවක් එහි ‌නොමැති බවයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යනු රටේ ජනයාගේ පුරවැසිභාවය සම්බන්ධ ලේඛන පවත්වාගෙන යන වැදගත්ම දෙපාර්තමේන්තුව වන අතර ගෝටාභය රාජපක්ෂ මහතාට ආන්දෝලනාත්මක ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිකුත් කරන සමයේ එම දෙපාර්තමේන්තුව පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ වන අතර එහි ලේකම් වරයා වූයේ ගෝටාභය රාජපක්ෂමය. ඇමතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්ස්ම් විභාගය අද අභියාචනාධිකරණයේදී එහි සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිදු විය.

වැඩි දුර විභාගය ‌හෙට දවල් 1.30 දක්වා කල් තැබිණ.

ලංකා ඊ නිව්ස් ‌වෙත වාර්තා වන අන්දමට බැසිල් රාජපක්ෂ තම ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2007 වසරේ දී ය. ‌ගෝඨාභය ද තම අයැදුම්පත ඉදිරිපත් කර ඇත්තේ එදිනම වන නමුත් තම අයැදුම්පත 2005 ‌නොවැම්බර් 21 වැනි දින ‌ලෙස ව්‍යාජව ආපසු දිනයක් ‌යොදා ඇත. ‌බැසිල්ගේ සහ ‌ගෝඨාගේ අයැදුම්පත් එකම අයෙකු විසින් එකම දිනයක පුරවා ඇති බව තහවුරු වන කාරණා රාශියක් ඇතැයි එවායේ පිටපත් ඇසින් දුටුවෙක් ලංකා ඊ නිව්ස් ‌වෙත පවසයි. අත් අකුරු සමානය. ‘ස්පෙලින් මිස්ටේක්’ ඇති අතර ඒවාද සමාන ය. ‌බැසිල් සහ ‌ගෝඨා ස්ථාන ‌දෙකක ඉපැදී ඇති නමුත් උපන් ස්ථානය ‌ලෙස අයැදුම් පත් ‌‌දෙකේම සඳහන් කර ඇත්තේ එකම ස්ථානයක් ‌ලෙස වූ මාතර රාහුල මාවතේ ලිපිනයකි. තම අයැදුම්පත ව්‍යාජ එකක් බව දන්නා ‌ගෝඨාභය තමාගේ යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු එකී ලිපි ‌ගොනුව අස්ථංගත කර ඇති බව පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =