ගෝඨාගේ පුරවැසිභාවය ගැන පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

0
665
- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය ලැබුණු ආකාරය පිළිබඳව සහ ලංකාවේ පුරවැසිභාවය අහිමිව තිබියදී 2005 ජනාධිපතිවරණයේ දී ඡුන්දය ප‍්‍රකාශ කළාද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ආගමන හා විගමන පාලකවරයාගේ කාර්යාලයට ලිපියක් යොමු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ඇතිදැයි සැක සංකා පවතින මොහොතක ශ‍්‍රී ලංකා විදෙස් ගමන් බලපත‍්‍රයක් ඔහු ලබාගත්තේ කෙසේද යන කාරණාව එම තොරතුරු මගින් පරීක්ෂා කිරීමට නියමිත ය.

මීට අමතරව, 2005 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඡුන්දය පාවිච්චි කර ඇතිදැයි රූපවාහිනී වීඩියෝ මාර්ගයෙන් සොයා බැලෙමින් ඇතැයි දැනගන්නට ලැබේ. ඉදිරියේ දී මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් කර අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

වැඩ බලප පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

ඡන්ද හිමි නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම තිබීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස අනිද්දා නියෝජ්‍ය කර්තෘවරයා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබුණි. මැතිවරණ කොමිෂන් සභාව මෙම පැමිණිල්ල පිළිබඳව සොයා බලන ලෙස පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දී ඇත. ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂගේ නම ඡුන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති නිවසේ ගෘහමූලිකයා ලෙස පෙනීයන චමල් රාජපක්ෂ මහතාට ඒ පිළිබඳව කරුණු දක්වන ලෙස දන්වමින් මැතිවරණ කොමිසම ලිඛිත දැනුම්දීමක් කර ඇත.

අනිද්දා පුවත්පත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =