ගෝඨාගෙන් ෆොන්සේකාට ආරාධනාවක්…?

0
625
- Advertisement -
Share

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දුරකථන ඇමතුමක් ලබා දුන් බව, කැළණිය, එක්සත් ජාතික පක්ෂ, හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී මනෝජ් පෙරේරා මහතා පවසයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම කරුණ හෙළිදරව් කර සිටියේ ය.

පරණ ප‍්‍රශ්න අමතක කර තමන් සමඟ එකට වැඩ කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කර ඇති බවයි පැවසෙන්නේ.

සරත් ෆොන්සේකා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප නොකළ බවත්, ගෝඨාභය රාජපක්ෂ සමඟ ඉදිරියේ දී එක්ව ගමණක් යෑම සඳහා අවශ්‍ය පසුබිම ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ගොඩ නගා ගනිමින් සිටින බවටත්, මනෝජ් පෙරේරා මහතා චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 5 =