ගෝඨාගෙන් තාම වචනයක් නෑ.! සජිත් සහ අනුර විවාදයට සහභාගී වේ.

0
921
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සදහා ප‍්‍රධාන පක්ෂ තුනෙන් තරගවදින අපේක්ෂකයන් තිදෙනා එකම වේදිකාවට ගෙන ඒමේ වැඩ සටහනක් මාර්තු 12 ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබේ.

මෙහිදී, පක්ෂ තුනේ අපේක්ෂකයන්ට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති සහ රට පිළිබදව තිබෙන ඔවුන්ගේ ඉදිරි දැක්ම පිළිබදව එකම වේදිකාවක සිට ජනතාවට කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාව උදාවේ.

එළැඹෙන 05 වන දා එනම් සෙනසුරාදා සවස සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබෙන අදාල විවාදය සදහා තමන් සහභාගී වන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා මේ වන විටත් පොරොන්දු වී තිබේ.

ප‍්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් අනෙක් අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙතෙක් අදාල විවාදය සදහා සහභාගී වන්නේ ද නැද්ද යන්න ගැන අදහස් දක්වා නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + fourteen =