ගෝඨා වෙනුවෙන් මිලියන 34 ගෙවන්න ලෑස්තියි; ඩඩ්ලි සිරිසේන කියයි.

0
229
- Advertisement -

ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම හරහා රුපියල් මිලියන 34 කට ආසන්න මහජන මුදල් ප‍්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුව පිළිබදව ඩඩ්ලි සිරිසේන මහතා අදහස් දක්වා ඇත. ඔහු පවසා ඇත්තේ, හැකිනම් ඒ සියලූ මුදල් ගෙවා දමා තමා ගෝඨාභය රාජපක්ෂ මහතා නඩුවෙන් නිදහස් කර ගන්නා බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් කර ඇති සේවය සමඟ සසදා බැලීමේ දී රුපියල් මිලියන 34 ක් යනු නොතකා හැරිය හැකි දෙයක් බවත්, රාජපක්ෂවරු සමඟ තමන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කර ඇත්තේ දෙරණ නාලිකාවේ 360 වැඩ සටහන සමඟ සම්බන්ධ වෙමිනි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති සහ රාජපක්ෂවරු අතර පැවති විරසකතා මකා දැමීම සදහා මැදිහත් වූවේ ඩඩ්ලි සිරිසේන මහතා බව බොහෝ දෙනාගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =