ගෙවල් කුලී ගෙවන්න මුදල් හොයා ගන්න කාන්තාවකගේ අත් බෑගය සොරාගත් දෙදරු පියා – දුවන දුම්රියෙන් එළියට පනී.

0
532
- Advertisement -
Share

ගෙවල් කුලී ගෙවන්න මුදල් හොයා ගන්න
කාන්තාවකගේ අත් බෑගය සොරාගත් දෙදරු පියා –
දුවන දුම්රියෙන් එළියට පනී.

දුම්රියේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ අත් බෑගයක් සොරාගත් පුද්ගලයෙකු අද පෙරවරුවේ දී අත් අඩංවට ගෙන තිබේ. සිද්ධිය වාර්තා වන්නේ අළුත්ගම සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකයි.

කාන්තාවගේ ගමන් බෑගය සොරාගත් පුද්ගලයා, මොරටුව එගොඩ උයන දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියෙන් පැන ඇති අතර, දුම්රියපොළ ආරක්ෂක බලධාරීන් හා මගීන් එක්ව ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.

බෑගය හිමිකාරිය ද – බෑගය සොරාගත් පුද්ගලයා අල්ලා ගැනීම සදහා ගමන් කරමින් තිබුණු දුම්රියෙන් පැන ඇති අතර, එම කාන්තාව තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

බෑගය සොරාගෙන ඇති පුද්ගලයා, පානදුර කෙසෙල්වත්තේ පදිංචිකරුවෙකු බවත්, ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවත් පැවසේ. එසේම, එම පුද්ගලයා නාදුනන කාන්තාවකගේ අත් බෑගය සොරාගෙන ඇත්තේ ගෙවල් කුළී ගෙවීම සදහා බවද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − eleven =