ගූගල් හා ෆේස්බුක් වලින් ඩිජිටල් බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යවරුන්ගේ අවධානය

0
919
- Advertisement -

ගූගල්, ෆේස්බුක් සහ ඇමසන් වැනි සමාගම්වලින් ඩිජිටල් බද්දක් අය කිරීම සදහා ජී – 20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ජපානයේ – ෆුකු ඕකා, නගරයේ ජී -20 රටවල අමාත්‍ය මට්ටමේ සමුළුවකදී මේ පිළිබද සාකච්ඡා වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය වීමට නව බදු ආකෘතියක් නිර්මාණය කිරීම පිළිබදව අදාල සමුළුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එහිදී ජපාන, ඇමරිකා, චීන, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය නියෝජිතයන් තම රටවල දැනට පවතින බදු රෙගුලාසි නවීකරණය කිරීමට සහය පළ කර ඇති බව සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + 18 =