කෙන්යා එයාවේස් ගුවන් සේවයට අයත් යානයක් පසුගිය ඉරිදා (ජුනි 30) හීත්රෝ ගුවන් තොටුපළට ගොඩබෑමට යෑමේදි එයින් ඉවතට පුද්ගලයෙක් විසිවී ගොස් ඇති බව වාර්තා වෙනවා.
එම ගුවන් යානයෙන් පොළොවට ඇද වැටුණේ නයිරෝබි හි ගුවන්තොටුපල සේවය කරන පුද්ගලයෙකු බවටයි ඔවුන් සැක කෙරෙන්නෙ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෙන්යානු සිවිල් ගුවන් සේවා අධ්යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ ගුවන් තොටුපොළ සේවකයින් අතරින් කිසිවෙකු හෝ අතුරුදන්ව ඇත්දැයි සෙවීම සදහා ඔවුන්ගෙ නම් ලැයිස්තු පරික්ෂා කරන බවයි.

