ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩමට ඕමාන් සමාගමක් කැමැත්ත පළ කරයි.

0
375
- Advertisement -

ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩමට
ඕමාන් සමාගමක් කැමැත්ත පළ කරයි.

ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම සහ, නාගරික සංවර්ධන අධිකාරියට අයත්, කොළඹ කොටුවේ පිහිටි තවත් ඉඩමක්, මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා ගැනීමට ඕමාන සමාගමක් කැමැත්ත පළ කර තිබෙන බව සන්ඬේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.

නාගරික සංවර්ධන අධිකාරිය, ඔවුන් සතු ඉඩම්වලින් බොහෝ ප‍්‍රමාණයක් අවුරුදු 30 සිට 99 අවුරුද්දක් සදහා බදු දීමට සූදානමින් සිටින අතර, මේ වන විටත්, ආයෝජකයන් සෙවීමේ නිරතව සිටියි.

මේ අතර, ඞී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි, බේරේ වැවට ආසන්න ඉඩම ලබා ගැනීමට කටාර් සමාගමක් කැමැත්ත පළ කර තිබෙන බව ද වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම, නාරාහේන්පිට පිහිටි, ට‍්‍රැක්ටර් සංස්ථාවට – කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ මිල්කෝ ආයතනයට අයත් ඉඩම, ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය පිහිටි ඉඩම ඇතුළු ඉඩම් රැුසක් ආයෝජකයන් සදහා බදු දීමට රජය සූදානමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + ten =