ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ආහාර දීමනාව කපා දමයි.

0
5582
- Advertisement -
Share

ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ආහාර දීමනාව කපා දමයි.

ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ භට පිරිස් සහ නිළධාරීන්ට ලබා දෙන ආහර දීමනාව කපා දමා ඇති බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සදහන් කරයි.

හමුදා සෙබළුන්ට සහ නිළධාරීන්ට මෙම ආහාර දීමනාව ලබා දෙන්නේ, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යෑම වෙනුවෙන් බව පවසන හිටපු මන්ත්‍රීවරයා, දීමනාව කපා දැමීම ඔවුන්ට කරන ලද විශාල අසාධාරණයක් බව ද පවසයි.

සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + sixteen =