ගුවන් සමාගම් කාර්ය මණ්ඩලයේ පී.සී.ආර් පරීක්ෂණ, සභාපතිට අයත් ආසිරි රෝහලට ම ලබා දෙන බවට චෝදනා..! එක් පරීක්ෂණයකට රුපියල් 7000 යි.

0
446
- Advertisement -
Share

ගුවන් සමාගම් කාර්ය මණ්ඩලයේ පී.සී.ආර් පරීක්ෂණ, සභාපතිට අයත් ආසිරි රෝහලට ම ලබා දෙන බවට චෝදනා..! එක් පරීක්ෂණයකට රුපියල් 7000 යි.

විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ රජය යටතේ පවතින රෝහල් මගින් සිදු කිරීමට නියම කර තිබිය දී, ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල වල පී.සී.ආර් පරීක්ෂණ, ආසිරි පෞද්ගලික රෝහලට යොමු කරන බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ආසිරි රෝහල අදාල පරීක්ෂණ සිදු කරනු ලබන්නේ එක් පරීක්ෂණයක් සදහා රුපියල් 7000 ක් වන මිලකට යටත් ව බවද පුවත්පත වාර්තා කරයි. මේ වන විට, කාර්ය මණ්ඩල සාමාජිකයන් හැත්තෑ දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ ආසිරි රෝහල මගින් සිදු කර තිබේ.

ආසිරි රෝහලට අමතරව, තවත් පෞද්ගලික රෝහල් කිහිපයක්, මේ සදහා නම් කර තිබුණද, එම රෝහල් මොනවාද යන්න පිළිබදව, ගුවන්තොටුපළ බළධාරීන් හෙළිදරව් කර නැත.

කෙසේ වෙතත්, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන, අනෙකුත් පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන ලබන්නේ බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය ඇතුළු රජයේ රෝහල් විසින් බව පැවසේ.

අදාල සාම්පල එකතු කිරීම සදහා ගුවන් තොටුපළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මීගමු රෝහලේ කාර්ය මණ්ඩලය පුහුණු කර ඇති බවත්, මේ වන විට තුන්සියයකගේ පමණ සාම්පල, බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය මගින් පරීක්ෂාවට ලක් කර ඇති බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =