ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්, සිරිමලී මහත්මියගේ කාර්යාලයට කඩා වැද, ඇයට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසට, ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.
මෙසේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරියට තර්ජනය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයට අයත් වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකු විසිනි.
නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරියට තර්ජනය කළ පිරිස අතර, එම වෘත්තීය සමිතියේ නායක, සුසන්ත කරුණාරත්න, තුෂාර සන්දනායක, කෞෂල්‍යා රණසිංහ, එස්. චමින්ද හා තුෂාරී යන අය සිටිති.
ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය ඇසුරෙනි.