ගුවන් ප‍්‍රහාරයෙන් 40 ක් මරුට…!

0
541
- Advertisement -
Share

ලිබියාවේ ටි‍්‍රපෝලි අගනුවරට ආසන්නයේ සරණාගත කදවුරකට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයක් හේතුවෙන් අපි‍්‍රකානු ජාතික සරණාගතයන් 40කට ආසන්න පිරිසක් මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. අදාල සරණාගත කදවුර තුළ රදවා සිට ඇත්තේ, යුරෝපය බලා පිටත් කර හැරීමට සූදානමින් සිටි අප‍්‍රිකානු ජාතික සරණාගතයන් පිරිසකි. 2011 වසරේ ගඩාෆි පාලනය බිද වැටීමෙන් පසුව, ලිබියාව අනවරත ගැටුම් පවතින රටක් බවට පත්ව තිබේ. ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ කලීෆා අෆ්තාර් නායකත්වය ලබා දෙන ”ලිබියානු ජාතික හමුදාව” බව ලිබියානු අග‍්‍රාමාත්‍ය ෆායිස් අල් සේරා චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + nineteen =