ගිය ආණ්ඩුව බදවා ගත් ව්‍යාපෘති සහායකයන් මේ ආණ්ඩුව ඉවත් කරලා…!

0
3063
- Advertisement -

පසුගිය ආණ්ඩුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් බඳවා ගත් ව්‍යාපෘති සහයක නිලධාරීන් මේ වන විට ඉවත්කර තිබෙන බව ව්‍යාපෘති සහයක සේවයට බඳවාගත් පිරිස සඳහන් කරති.

මේ නිසා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා අද (27දා) ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කළත් පොලීසිය විසින් එය නවතා දැමීමට කටයුතු කළේය.

ඉන්පසුව විරෝධතාවයට පැමිණි පිරිසෙන් හතර දෙනෙකුට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට ගොස් අදාළ ගැටලුවට සාකච්ඡා කිරීමට පොලිසිය අවස්ථාව ලබාදුන් අතර එහිදී අමාත්‍යංශ නිලධාරියෙකුට අදාළ ගැටලුව ඉදිරිපත් කළ බවද ව්‍යාපෘති සහයක නිලධාරීන් සඳහන් කළහ.

ව්‍යාපෘති නිලධාරී සහයකයින් හාරදහස් පන්සීයකට අධික පිරිස සේවයෙන් ඉවත් කර තිබෙන බවත්, මෙම ගැටලුව පෙන්වා දුන් පසු සති දෙකක් තුළ ගැටලුවට විසඳුම් ලබා දෙන බවට අමාත්‍යංශ බලධාරීන් සඳහන් කළ බවත් එම පිරිස් පෙන්වා දෙති.

විරෝධතාවය පැවැත්වීමට පොලීසිය අවසර ලබානොදීම නිසා විරෝධතාවයට පැමිණි 500කට අධික පිරිසක් ගාලු මුවදොර පිටියට ගොස් පැය දෙකකට අධික කාලයක් රැදී සිට ඇති අතර පසුව විසිර ගියෝය.

ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =