ගිනිගත් හේනේ කඩ 10 ක් නාය යයි. එක් අයෙක් අතුරුදන්…!

0
801
- Advertisement -

ඊයේ මැදියම් රාති‍්‍රයේ ඇද හැළුණු වර්ෂාවත් සමඟ ගිනිගත් හේන නගරයේ මහවැලි ගඟට මායිම්ව පිහිටි වෙළදසැල් 10 ක් නාය ගොස් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

අද අළුයම දෙකට පමණ මෙම නායයාම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ගිනිගත් හේන – මහනුවර ප‍්‍රධාන මාර්ගයේ කොටසක්ද නාය ගොස් තිබේ.

කෙසේ වෙතත්, නායයාමට ලක් වූ ගොඩ නැගිලි සම්බන්ධයෙන් මීට පෙරද, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අනතුරු අඟවා තිබුණි.

මේ අතර, අතුරුදන් වූ පුද්ගලයා සොයා යුධ හමුදාව පොලීසිය සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + fifteen =