ගිනිගත් නැවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලය අත් අඩංගුවට ගැනීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි.

0
326
- Advertisement -
Share

ගිනිගත් නැවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලය
අත් අඩංගුවට ගැනීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි.

ශ්‍රී ලංකාවට ආසන්නයේ, ගිනිකොන දිග වෙරළ තීරයේ දී ගිනිගෙන දැවීමට ලක් වූ නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලය අත් අඩංගුවට ගැනීම සදහා, වෙළද නැව් ලේකම් කාර්යාලය [Merchant Shipping Secretariat]  සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය, ඔවුන් විසින් අනුගමනය කල යුතු රෙගුලාසි නිසි ලෙස අනුගමනය කර නොමැති වීම සහ ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කර නැති බව පෙනී යාම, ඔවුන් මෙසේ අත් අඩංගුවට ගත යුතුයැයි තීරණය කිරීමට හේතු වී තිබේ.

නාවික සැතපුම් 40 ක පමණ දුරකින් පවතින අනතුරට පත් වූ නෞකාවේ ගින්න මේ වන විට යම්තාක් දුරකට පාලනය කර ඇති නමුත්, ගින්න තවමත් සම්පූර්ණයෙන්ම නිවා දැමීමට නොහැකි වී ඇති බව පැවසේ.

ගින්න පාලනය සදහා රජය විසින් දරන වියදම, අදාල නැව රක්ෂණය කර තිබෙන නැව් සමාගමෙන් අයකර ගැනීම සම්බන්ධයෙන් ද කටයුතු කරමින් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + one =