“ගින්නට හේතුව විදුලිය කාන්දුවක් විය නොහැකි යි.” කොළඹ ගිනිි නිවීමේ ප‍්‍රධානියා කියයි.

0
407
- Advertisement -

ගින්නට හේතුව විදුලිය කාන්දුවක්
විය නොහැකි යි. කොළඹ ගිනිි නිවීමේ ප‍්‍රධානියා කියයි.


පසුගිය අගහරුවාදා දිනයේ දී කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න, විදුලිය කාන්දුවක් නිසා සිදු වන්නට ඇතැයි යන මතය, කොළඹ ගිනි නිවීමේ ප‍්‍රධානී, පී.ඞී.කේ.ඒ විල්සන් මහතා ප‍්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

මේ බව සන්ඬේ ටයිම්ස් පුවත්පත, සිය මුල් පිටුවේ පළ කර තිබේ.

ඒ නමුත්, තමාගේ අදහස තහවුරු කිරීම සදහා තව දුරටත් පරීක්ෂණ වාර්තා දෙස විමසිල්ලෙන් බැලිය යුතුව ඇති බව ද ගිනි නිවීමේ ප‍්‍රධානියා පවසයි.

මේ අතර, ගින්නට හේතුව, කිසියම් සේවකයෙකු විසින් වීසි කරන ලද සිකරට් කොටයක් විය හැකි බවට ද සැකයක් මතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද විමර්ෂකයන් සිය අවධානය යොමු කර තිබේ.

ගින්න පිළිබදව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට, උපරිමාධිකරණ සංකීර්ණයේ පිරිසිදු කිරීම් භාර සේවකයන් ද ඇතුළුව 57 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − four =