“ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව සංයුතිය වෙනස් කිරීමයි.” රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව.

0
279
- Advertisement -

“ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව
සංයුතිය වෙනස් කිරීමයි.”
රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව.


පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට – නොදන්නා හේතුවක් මත, ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගමත් ලාෆ්ස් ගෑස් සමාගමත් තීන්දු කර තිබුණි.

ශ‍්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට අනුව, ගෑස් සිලින්ඩරය ප්‍රොපේන් 20% ක් සහ බියුටේන් 80% ක් පැවතිය යුතුව තිබේ.

ඒ නමුත් දේශීය වෙළද පොළට ගෑස් සපයන ප‍්‍රධාන සමාගම් දෙක විසින්ම මෙම සංයුතිය වෙනස් කරමින් ගෑස් සිලින්ඩරයක සංයුතිය ප්‍රොපේන් 50% ක් සහ බියුටේන් 50% ක් ලෙස වෙනස් කර ඇති බව වාර්තා විය.

සංයුතිය මෙසේ වෙනස් කිරීම හේතුවෙන් ගෑස් සිලින්ඩරයක භාවිතා කළ හැකි කාලාය අඩු වී ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.

ඊටත් වඩා, මෙසේ සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් ගෑස් සිලින්ඩර පුපුරා යාමේ අවදානමක්ද නිර්මාණය වන බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධනටත් – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නටත් පැමිණිලි කර තිබේ.

කෙසේ වෙතත්, බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු පිවරක් ගෙන නොතිබුණි.
පසුගිය දිනවල කොළඹ – වැලිගම සහ මහනුවර යන ප‍්‍රදේශවල ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිදු වීම් වාර්තා වූ අතර, පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා – යළිත් ඔහුගේ සැකය යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡුාවක් ඔස්සේ ප‍්‍රකාශ කර සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම පවසා තිබුණේ ගෑස් සිලින්ඩර පුපුරා යාමට ගෑස් සංයුතිය වෙනස් කිරීම බලපා නැති බවයි.

කෙසේ වෙතත්, අද ඬේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර තිබෙන ආකාරයට, ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂකරවරයා විසින් තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =