ගෑස් සිලින්ඩර පිපිරෙන්නේ ගෑස් ප‍්‍රමිතියේ ප‍්‍රශ්නයක් නිසා ද…?

0
168
- Advertisement -

ගෑස් සිලින්ඩර පිපිරෙන්නේ
ගෑස් ප‍්‍රමිතියේ ප‍්‍රශ්නයක් නිසා ද…?


ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිදුවීම් මීට පෙරද වාර්තා වී ඇති නමුත්, මෙවර සිදුවීම් වාර්තා වී තිබෙන්නේ අඩු කාල අන්තරයක් තුළ බව පෙනී යයි.

ගෑස් සිළින්ඩර පුපුරා යන්නේ ඇයි…?

මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සමිල මුතුමිණි නම් මහතා සිය ෆේස් බුක් ගිනුමේ සටහන් කර තිබේ. අපි මෙසේ එම සටහන උපුටා ගනු ලබන්නේ සියල්ලන් මේ පිළිබදව අවදානයෙන් සිටිය යුතු යැයි විශ්වාස කරන බැවිනි.

මෑතකදි ගෑස් පිපිරීම් බොහොමයක් වුණා. ඒ ගැන පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කතාකරනවා. එය කතාකල යුතු දෙයක්. සාමාන්‍යයෙන් ශ්‍රි ලංකාවේ ගෑස් සිලින්ඩරයක බියුටේන් (Butane) හා ප්‍රෝපේන් (Propane) අන්තර්ගත වෙනවා. මේ කාබනික සංයෝග දෙකම හයිඩොකාබන වන අතර, ඇල්කේන් (alkane) කාණ්ඩයට අයත් වෙනවා. ප්‍රොපේන් (C3H8) යනු කාබන් 3ක් හා හයිඩ්‍රජන් 8ක් එකතු වීමෙන් නිර්මාණය වූ හයිඩ්‍රෝකාබනයක්. බියුටේන් (C4H10) යනු කාබන් 4ක් හා හයිඩ්‍රජන් 4ක් හා හයිඩ්‍රජන් 10ක් එකතු වීමෙන් නිර්මාණය වූ හයිඩ්‍රෝකාබනයක්. මේ හයිඩ්‍රෝකාබන දෙකේ දහන තාපය (Heat of Combustion) ගැන සලකා බලන විට, බියුටේන්වල එම අගය 2877 kJ/mol වන අතර, ප්‍රොපේන්වල එම අගය 2210 kJ/mol වේ. ශ්‍රී ලංකාව යනු උෂ්ණාධික රටක් වන නිසා, එයට ගැලපෙන පරිදි ගෑස් සිලින්ඩරයේ සංයුතිය බියුටේන් 80%කුත්, ප්‍රෝපේන් 20%කුත් වන ලෙස සකස් කරලා තියෙනවා. නමුත් මෑතකාලයේදි, මේ ඇල්කේන සංයුතිය බියුටේන් 50%ක් ලෙස හා ප්‍රෝපේන් 50%ක් විදියට වෙනස් කරලා තියෙනවා. එය ඉතාම භයානක විය හැකි දෙයක්. ඉහතින් සදහන් කල පරිදි, මේ ඇල්කේනවල දහන තාපය බැලූ විට, වැඩි දාහන තාපයක් ඇති බියුටේන් සංයුතිය අඩු කිරිමෙන් ගෑස් සිලින්ඩර ගිනිගැනීමට ඇති හැකියාව වැඩි විය හැකියි. ඇත්තටම තත්වය මේකනම්, රටේම සියළුම ජනතාව ඉන්නේ අනතුරකයි. වහාම මේකට ක්‍රියාත්මක විය යුතුයි. මේ සම්බන්ධයෙන් කතාකිරිම ගැන පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට ස්තූතිවන්ත වෙනවා. ගෑස් භාවිතා කරනකොට පරිස්සමෙන් භාවිතා කරන්න. තූෂාන් මහතා කියන්නේ හැකිනම් මේ ගෑස් සිලින්ඩර එළියේ තිබීම සුදුසුයි කියලා.

සමිල මුතුමිණ මහතා ඔහුගේ සටහන තබා ඇත්තේ, පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයා වූ තුෂාන් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක පළ කර තිබුණු අදහස් පදනම් කර ගනිමිනි.

එබැවින් අපි තුෂාන් ගුණවර්ධන මහතා සහභාගී වූ සම්මුඛ සාකච්ඡුාව ඇතුළත් වීඩියෝවද මෙසේ අපගේ ප‍්‍රවෘත්තියට එක් කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =