‘ගෑස් මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට ඉඩ තිබේ.’ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

0
261
- Advertisement -

‘ගෑස් මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට ඉඩ තිබේ.’ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ලාෆ් සහ ලිට්රෝ සමාගම, ගෑස් මිල ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති අතර, එම ඉල්ලීම පිළිබදව සාකච්ඡුා කිරීම සදහා වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් යුත් අමාත්‍ය කමිටුවක් හෙට දිනයේ දී රැස්වන බව අමාත්‍යවරයා පැවසී යැයි අද නිකුත්ව තිබෙන සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම කමිටුව සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, උදයගම්මන්පිල සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරු ඇතුළත් බවද පුවත්පත වාර්තා කරයි.

ගෑස් සමාගම් විසින්, රුපියල් 700 කින් පමණ ඉහළ දැමිය යුතු යැයි ඉල්ලීම් ඉදිරිපත්ව ඇති අතර, ගෑස් මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමේ ඉඩක් ඇතැයි පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 5 =