ගැසට් කළ 20 වන සංශෝධනය වීසි වේ..!
අළුත් 20 ක් ගේන බව ඇමති විමල් කියයි.
දැනට ගැසට් කර තිබෙන විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පක්ෂ නායක හමුවක දී, දැනට ගැසට් කර තිබෙන විසිවන සංශෝධනයේ ඇති දුර්වලතා රැසක් තමන් ඇතුළුව පක්ෂ නායකයන් කිහිප දෙනෙකු විසින් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බවත්, ඒ අනුව, එම ගැටළු පිළිබදව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා පවසයි.
එම කමිටු නිර්දේශ අනුව, අළුත් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් කිරීමට නියමිත බව බවසන අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන්නේ එකී නව, 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත බවත් පවසයි.