“ගැසට් කළ මිලට සහල් දෙන්නේ
එන කන්නයේ අස්වැන්න ලැබුණාට පස්සේ..!”
ඇමති බන්දුල ගුණවර්ධන කියයි.
ගැසට් කල මිලට සහල් ලබා ගැනීමට එන කන්නයේ අස්වැන්න ලැබෙන තුරු සිටින්න යැයි, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ඊයේ, දඹුල්ලේ දී මාධ්‍යවේදීන් නැගූ පැනකයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ය.
උපරිම සහල් මිල ගැසට් කර තිබුණද, ඒ මිලට වෙළද පොලේ සහල් නැති බව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට පැවසූ විට, ලබන කන්නයේ ඇස්වැන්න ලැබුණායින් පසුව, එම මිලට සහල් මිලදී ගැනීමට හැකි වන ඇතැයි අමාත්‍යවරයා පවසා තිබේ.