ගැටුම අවසන්..! වාස් නැවත වේගපන්දු පුහුණුකරු ධූරය භාර ගැනීමට සූදානම්..!

0
431
- Advertisement -

ගැටුම අවසන්..!
වාස් නැවත වේගපන්දු පුහුණුකරු ධූරය භාර ගැනීමට සූදානම්..!

චමින්ද වාස්, නැවත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග සම්බන්ධ වී වේගපන්දු පුහුණුකරු තනතුර භාර ගැනීමට සූදානමින් සිටින බව මාධ්‍ය වාර්තා පල වේ.

චමින්ද වාස් සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අතර,අනවබෝධය මත ඇති වී තිබූ ගැටුම මේ වන විට සමතයකට පත්ව ඇති බව පැවසේ.

මාධ්‍ය වාර්තාවල සදහන්වල ආකාරයට, ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ චමින්ද වාස් අතර හමුවක් මේ වන විටිත් සිදුව තිබේ.

චමින්ද වාස් ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන්, ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දීද අදහස් දැක් වූ අතර, ඔහු එහිදී, තරග සංචාරයකට පැය කිහිපයක් තිබිය දී වාස් ඉල්ලා අස්වීම පිළිබදව සිය කණස්සල්ල පළ කළේ ය. එය පුහුණුකරුවකුගේ විනය සම්බන්ධයෙන් ගත් විට,ගැටුළු සහගත තත්ත්වයක් බව ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අදහස විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 5 =