“ගාල්ලේදී සමගි ජන බලවේගය
18% කට සීමා කරන්න අපට හැකි වුණා.”
වජිර අබේවර්ධන
පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී, දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක අතරින් වැඩිම ප්‍රතිශතයක් එම පක්ෂය ලබාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බව, වජිර අබේවර්ධන පවසයි. එම ප්‍රතිශතය වන්නේ, 3.11% කි.
ගාල්ල දිස්ත්‍රික්කයේ – ගාල්ල මැතිවරණ කොට්ඨාශයෙන් එක්සත් ජාතික පක්ෂය 7.1% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ.
ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ දී සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 18% ක ට සීමා කිරීමට තමන්ට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා තිබේ.