ගල්කිස්ස දුම්රිය ස්ථානයේ චීන කාල සටහන ගැන විමර්ෂණ ඇරඹේ.

0
557
- Advertisement -

ගල්කිස්ස දුම්රිය ස්ථානයේ
චීන කාල සටහන ගැන විමර්ෂණ ඇරඹේ.


ගල්කිස්ස දුම්රිය ස්ථානය තුළ චීන භාෂාවෙන් ලියන ලද දුම්රිය කාල සටහනක් ප‍්‍රදර්ශනයට තබා තිබේ.

එම කාල සටහනේ ඡුායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර, එය තරමක ආන්දෝලනයක් සමාජය තුළ ඇති කළේ ය.

ගල්කිස්ස දුම්රිය ස්ථානයේ ප‍්‍රදර්ශනය කර ඇති අදාල කාල සටහන පමණක් නොව, චීන භාෂාවෙන් සටහන් කර ඇති තවත් සංඥා නාම පුවරු රැුසක් රට තුළ තිබේ.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, ලංකාවේ රාජ්‍ය භාෂා ලෙස සිංහල සහ දෙමළ භාෂා පිළි ගැනෙන අතර, විකල්ප භාෂාව ලෙස ඉංග‍්‍රීසි භාෂාව පිළිගෙන තිබේ.

මෙම භාෂාවන්ට ප‍්‍රමුඛතාව දිය යුතුව තිබිය දී, අදාල දුම්රිය කාල සටහන තුළ දෙමළ හෝ සිංහල භාෂාව භාවිතා නොකර, එම දුම්රිය කාලසටහන ඉංග‍්‍රීසි සහ චීන භාෂාවන්ගෙන් ප‍්‍රදර්ශනය කර තිබීම ගැටලූවක් බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත්, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවසූ බව කොලොම්බෝ ගැසට් වෙබ් අඩවිය පවසා තිබේ.