“ගම්මන්පිල කියන කතා වැඩක් තියෙනවා ද..? එම්.සී.සී.අත්සන් කරන්නෑ කියලා කියන්න ඕනේ ජනාධිපති.” ඇල්ලේ ගුණවංශ හිමි.

0
549
- Advertisement -

“ගම්මන්පිල කියන කතා වැඩක් තියෙනවා ද..?
එම්.සී.සී.අත්සන් කරන්නෑ කියලා කියන්න ඕනේ ජනාධිපති.” ඇල්ලේ ගුණවංශ හිමි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ගේ ලංකාගමනය පිළිබදව තමන වහන්සේට බලවත සැකයක පවතින බව, ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

මීට පෙර දිවයිනට පැමිණි කිසිදු රාජ්‍ය තාන්ති‍්‍රකයෙකු නොකළ පරිද්දෙන්, මයික් පොම්පියෝ ලංකාවට පැමිණීමට පෙර ම, ලංකාවට තර්ජනය කර ඇති බව පවසන උන් වහන්සේ, මේ මොහොතේ එම්.සී.සී වැනි ගිවිසුම් බලහත්කාරයෙන් අත්සන් කර ගැනීමේ තැතත් තිබිය හැකි බවද පවසති.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, එම්.සී.සී අත්සන් නොකරන බව කියා ඇතැයි මාධ්‍යවේදියෙකු පැවසූ විට, උදය ගම්මන්පිල කියන කතා විශ්වාස කරන්නේ කවුරුන් දැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ විමසා සිටියෝ ය. මීට පෙරද ඔහු එවැනි කතා පවසා ඇති බව වැඩි දුරටත් උන්වහන්සේ පැවසූ ය.

මෙම මාධ්‍ය හමුවට, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද අසුන් ගෙන සිටියේ ය.
ජනතාව මෙම ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දුන්නේ රට හැදීමට මිස, රට විකිණීමට නොවේ යැයි උන්වහන්සේ පැවසූ හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − four =