ඛණිජ තෙල් සංස්ථාව ගුවන් සමාගමටත් අනතුරු අඟවයි

0
432
- Advertisement -
Share

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ද ඉන්ධන ලබා දීමට හැකි වන්නේ තවත් මාස 02ක් පමණක් බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

ඒ, ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම ද ඛණිජ තෙල් සංස්ථාව විසින් ලබා දී ඇති ණය සීමාව ඉක්මවා යාමට ආසන්න වීම හේතුවෙන්. ඛණිජ තෙල් සංස්ථාව විසින් ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන ලබා දෙන ණය සීමාව ඇමෙරිකානු ඩොලර් මිලියන 207ක්.

මේ වනවිටත්, එම ණය සීමාව ආසන්නයට ඉන්ධන සපයා ඇති බව ඛණිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් කියා සිටියා. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම දැනුවත් කර ඇති බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළා.

ශ‍්‍රී ලංකා ඛණිජ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට ලබා දී ඇති රුපියල් බිලියන 80ක ණය සීමාව ඉක්මවා යාම හේතුවෙන් පසුගියදා විදුලිබල මණ්ඩලයට ද ඉන්ධන සැපයීම නතර කරනු ලැබුවා.

ඒ හේතුවෙන් තාප බලාගාරවල විදුලි ජනන කටයුතුවලට බලපෑම් එල්ල වූ අතර ප‍්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටුවීමට ද සිදුවුණා.

කෙසේ වෙතත්, රාජ්‍ය බැංකුවකින් රුපියල් බිලියන 15 ක ණය මුදලක් ලබා ගෙන ඛණිජ තෙල් සංස්ථාවට ඇති ණය මුදලෙන් කොටසක් පියවීමටයි විදුලිබල අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර ඇත්තේ. ඉතිරි මුදල මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බව ද විදුලිබල අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × four =