කෝප් කමිටුවේ විමර්ෂණ සජීවී විකාශයට.

0
792
- Advertisement -

එළැඹෙන අගෝස්තු මාසයේ 09 වන දා සිට කෝප් කමිටුවේ සාක්ෂි විමසීම් සජීවීව විකාශය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව පවසා තිබේ.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව සජීවීව විකාශය කිරීමට තීරණය කිරීමෙන් පසුව, කෝප් කමිටුවේ රැස්වීම් ද මේ ආකාරයට සජීවීව විකාශය කිරීමට තීරණය කර තිබේ.