කෝටි පන්සීයෙන් අපටම කරගන්න පුළුවන් වැඬේ, කෝටි එක්දාස් පන්සීයකට විදෙස් සමාගමකට භාරදීමට යයි.

0
1904
- Advertisement -
Share

කෝටි පන්සීයෙන් අපටම කරගන්න පුළුවන් වැඬේ
කෝටි එක්දාස් පන්සීයකට විදෙස් සමාගමකට භාරදීමට යයි.

බ්ලූමැන්ඩල් ඩොල්ෆින් ජැටියේ සිට කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය දක්වා ඉදිකිරීමට යෝජිත තෙල් නළ මාර්ග ව්‍යාපෘතිය රුපියල් කෝටි පන්සියයකින් කළ හැකි බව ඛණිජ තෙල් තොග සමාගමේ හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉංජිනේරුවරුන් එක්ව සකස් කළ වාර්තාවකින් අවධාරණය කර තිබියදීත්, ඩොලර් මිලියන 67 ක මුදලක්, එනම් රුපියල් කෝටි 1500 ක ටෙන්ඩරයක් ඉදිරිපත් කළ විදෙස් සමගාමකට අදාල ව්‍යාපෘතිය ලබා දීමේ සූදානමක් පවතින බව, සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, අදාල ටෙන්ඩරය විදෙස් සමාගමකට ලබා දීම පිටුපස පසුගිය රජයේ අමාත්‍යවරුන්ද සිටින බව පැවසෙන අතර, දැනටමත් අදාල සමාගම සහ මෙරට නියෝජිතයන් අතර ගිවිසුමක් අත්සන් තබා ඇති බව ද පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටියි.

අදාල ගිවිසිම අවලංගු කිරීම සම්බන්ධයෙන් මේ රජය යටතේ ද මෙතෙක් තීනිදුවක් ගෙන නැති බව පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + 19 =