“කෝටිගණන් වැයකර පාසල්වලට උෂ්ණත්වමාන මිලදී ගැනීම බොරු වැඩක්.” ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය

0
355
- Advertisement -
Share

කෝටිගණන් වැයකර
පාසල්වලට උෂ්ණත්වමාන මිලදී ගැනීම බොරු වැඩක්.
ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය

පාසල් යළි විවෘත කිරීමට පෙර, පාසල් දරුවන්ගේ ශරීර උෂ්ණත්වය ගණනය කළ හැකි උෂ්ණත්වමාන සෑම පාසලකට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර තිබුණි.

මෙම උෂ්ණත්ව මාන සදහා සමාගම් රැසක් අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබියදී, සොෆ්ට්ලොජික් සමාගම විසින් ලබා දී තිබුණු ලක්ෂ 800 ටෙන්ඩරයට අධ්‍යාපන අමාත්‍යංශය අනුමැතිය ලබා දී ඇති බව, පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක ගේ ද හෙළිදරව් කර තිබුනි.

කෙසේ වෙතත්, මෙම උෂ්ණත්ව මාන මිලදී ගැනීම සදහා රජයේ මුදල් කෝටි ගණනින් වැය කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව, ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ගතහැකි – මීට වඩා ප්‍රායෝගිය රැසක් තිබෙන බවයි.

ජලය, දෑත් පිරිසිදු කිරීමේ පහසුකම, මුව ආවරණ සැපයීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කිරීම වැනි පියවර – වඩාත් වැදගත් බවත්, එම පහසුකම් සැපයීමට වැඩි ප්‍රමුඛතාවය දිය යුතු බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය පවසා තිබේ.

එමෙන්ම, කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කරනවානම්, දරුවන් පාසල් නොඑවීමට දෙමව්පියන් වගබලාගත යුතු බවද ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 19 =