කොළඹ වරාය සේවකයෝ අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹති.

0
371
- Advertisement -

කොළඹ වරාය සේවකයෝ
අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹති.

කොළඹ වරාය සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹා ඇති බව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, නිදහස් සේවක සංගමයේ සභාපති, ප්‍රසන්න කළුතරගේ සදහන් කරයි. මෙම වැඩ වර්ජනය සදහා, වරාය අධිකාරියේ සියළු වෘත්තීය සමිති ඔවුන්ගේ සහාය ලබා දී ඇති බව ද පැවසේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ඉන්දියාවට විකිණීමේ සූදානමක් ඇති බව, වරාය වෘත්තීය සමිති චෝදනා කරයි.

මේ වන විට, වරාය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කර තිබෙන, නැගෙනහිර පර්යන්තයේ සවිකිරීමට ගෙන ආ, ග්‍රැන්ටි දොඹකර, නැවෙන් ගොඩ නොබාන්නේ ද ඒ හේතුව නිසා බව වෘත්තීය සමිති චෝදනා කරයි.

අදාල ග්‍රැන්ටි දොඹකර නැවෙන් ගොඩ බෑම පමා කිරීම හේතුවෙන්, සෑම දිනක දී ම, නැව් ගාස්තුව ලෙස රුපියල් එක් කෝටි දස ලක්ෂයක මුදලක් එම නැව් සමාගමට ගෙවීමට සිදුව ඇති බව ද වරාය වෘත්තීය සමිති පවසයි.