කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගම ඇතුළුව
චීන සමාගම් 24 කට එරෙහිව ඇමරිකාවෙන් සම්බාධක.
චීන සමාගම් විසි හතරකට එරෙහිව ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබේ. ඒ අනුව, ඇමරිකානු රජයේ අවසර නොමැතිව මෙම චීන සමාගම් සදහා අවශ්‍ය භාණ්ඩ හෝ සේවා සැපයීම, ඇමරිකානු සමාගම්වලට තහනම් ය.
කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූ චයිනා හාබර් ඉන්ජිනීයරින් සමාගමේ මවු සමාගම වන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි යන සමාගමද, ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධකවලට යටත් වන සමාගමකි.
ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති චීන සමාගම් සියල්ලක්ම පාහේ, දකුණු චීන මුහුදේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතින සමාගම් ය.
චීනයේ අභ්‍යන්තර කටයුතු සදහා බාධා නොකරන ලෙස චීනය විසින් ඇමරිකාවට දැනුම් දී තිබේ.
sunday times පුවත්පත ඇසුරෙනි.