කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට – කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබේ.

0
688
- Advertisement -

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය
ඉන්දියාවට – කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යතනය ඉන්දියාවට විකිණීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.සී. අලවතුවල පවසයි.

පසුගිය දා අවසන් වූ අයවැය විවාදයේ දී මෙන්ම, මහමැතිවරණ සමයේ දී, කොළඹ වරායේ නැගෙනහිර වරාය ඉන්දියාවට ලබා නොදෙන බව රජය පැවසීය.

කෙසේ වෙතත්, එම පොරොන්දු බිද දමා, මේ වන විට, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ.

මීට පෙර, 2015 ට පෙර පැවති රාජපක්ෂ පාලනයේ දී, කොළඹ වරායේ සීඅයිසීටී ජැටිය (කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය) චීනයට ලබා දුන් බවද මන්ත‍්‍රීවරයා මතක් කර සිටියේ ය.